මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරු අත්අඩංගුවට.

0
193

දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව සිදකළ සෝදිසි කිරීම්වලදී පුත්තලම මාදම්පේ අරාබි ජාතික විදුහලේ භාරකරු අත්අඩංගුවට ගැනුණා.

ඒ සහරාන් හෂීම්ගේ දේශන ඔහුගේ ලැප් ටොප් පරිගණකයේ තිබීම හේතුවෙන්.

යුද හමුදාව ගෙයින් ගෙට ගොස් සිදුකරන සෝදිසි කිරීම් අද (25) දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක සිදු කළා.

යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙම සෝදිසි කිරීම් සිදු කළ බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ අවිස්සාවේල්ල පුවක්පිටිය, තල්දූව සහ කොස්ගම යන ප්‍රදේශවල සියලුම නිවාස, වෙළදසැල් හා ගබඩා අද විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

එසේම මත්තෙගොඩ , මාකුඹුර හා කහතුඩුව යන ප්‍රදේශවලත් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී යුදහමුදා නිලඇඳුමට සමාන ඇඳුමක් සහ යුද හමුදාව භාවිත කරන හිස්වැසුමකට සමාන හිස් වැසුමක් හමුවී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රදේශවල මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනද අද විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

මේ අතර බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප මාර්ගයේ දමා ගොස් තිබී ජීව අත්බෝම්බයක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගියා

එමෙන්ම , කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර කඩු 20කට ආසන්න ප්‍රමාණයක්ද එහිදී සොයා ගෙන තිබෙනවා.

පුත්තලම මාදම්පේ පරණ නගරය, මිරිස්වත්ත හා මහවැව නගරයේත් අද සෝදිසි කිරීම් සිදු කෙරුණා.

මේ අතර මාතර නගරයේ බසූතා මාර්ගය හා ඒ අවට සිදුකල විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඒ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ලග තබාගැනීම සහ නීතිවිරෝධී සීඩී පට ලග තබා ගැනීම හේතුවෙන්.

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බයක් තබා යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බදුරලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි පවිත්‍ර මධුසංක නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here