දණින් වැටී ජීවිතයට සමුදුන් දැවැන්තයා .

වව්නියාව, නෙඩුන්කේනි, කෝරමෝටෙයි වැව් තාවුල්ලේ බැඳ තිබු තුවක්කුවක් පත්තු වීමෙන් වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස තුවක්කු බැඳ තිබුණේ පැවති නියඟය හමුවේ ජලය සොයා වැවට පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහායි.

මීට දින කිහිපයකට පෙර මෙම වන අලියා මිය ගොස් ඇති අතර, මළ සිරුර දින දෙකකට පමණ පෙර ප්‍රදේශවාසීන් විසින් දැක අනතුරුව පොලීසිය වෙත දැනුම් දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව වනජිවි නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න