පොලිස් නිලධාරින් ඝාතනයට අත්අඩංගුවේ සිටි හිටපු LTTE සාමාජිකයා මුදාහරී.

0
170

මඩකලපුව – වවුනතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අද මුදා හැරුණු අතර ඒ මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාස 5 කට වැඩි කාලයක් කදිරගාමර් අජන්තන් හෙවත් අන්නන් නමැති ඔහු සිද්ධියට අදාළව රහස් පොලිස් භාරයේ පසු වුණා.

කෙසේ වෙතත්,ජාතික තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ බව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ විමර්ශන කිරීම් වලදී හෙළි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here