ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් වෙයි. (PHOTOS/VIDEO)

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතයි.

ඊයේ දිනයේ පෙරහැර කරඬුව වැඩමවීම සිදුකරනු ලැබුවේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසින්.

අද අලුයම සිව් මහා දේවාලවලින් පිටත් වූ දිය කැපුම් පෙරහැර මහවැලි නදියේ ගැටඹේ තොටේ දී දිය කැපුම් මංගල්‍යය පවත්වා මහනුවර පුල්ලේයාර් කෝවිල වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න