“ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි” – පාඨලී කියයි.

0
6

ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැවසුවා.

ජනාධිපතිවරණය සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවත් අසමත් පුද්ගලයින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ නම් එය රටේ සිටින උගත් සමාජයට කරන්නේ බලගතු අපහාසයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනාගත වැඩ පිළිවෙලක් සහිත අපේක්ෂකයෙකු මිස එක් එක් කණ්ඩායම් නම් කරන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නොවන බවද ඔහු එහිදී කියා සිටියා.