ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට CIDය ඉල්ලීමක් කළ පුවත අසත්‍යයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කල බවට පල වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කරනවා.

citizen අධිකරණ වාර්තාකරුට ඇය මේ බව තහවුරු කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයක් ගැනීමට සිය දෙපාර්තමේන්තුව අද ඉල්ලීමක් කල බවයි.

කෙසේ වෙතත් එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ , ප්‍රමාණවත් කරුණු නොමැති වීම හේතුවෙන්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න