පාස්කු ප්‍රහාරයෙන් මියගිය කිහිපදෙනෙකුගේ සිරුරු තවමත් හඳුනාගෙන නැහැ.

0
159

මුස්ලිම් අන්තවාදීන් ස්ථාන හතකදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සිරුරු මේ වන විටත් හඳුනාගෙන නොමැති බව වාර්තා වෙනවා.

තරුපහේ හෝටල් තුනක, ලැගුම්හලක සහ දේවස්ථාන තුනක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 259 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එහෙත් සිද්ධියෙන් මියගිය පුද්ගලයන් කිහිපදෙනෙකුගේ යැයි සැක කළ හැකි සිරුරු තවමත් මෘතශරීරාගාරයේ ඇති බව ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, ඔවුන් මෙරට පුද්ගලයන්ද, එසේ නොමැති නම් විදේශිකයන්ද යන්න සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය නොහැකි බවයි.

සිද්ධියෙන් මියගිය හඳුනාගත් දේශීය හා විදේශීය සියලුම පුද්ගලයන්ගේ සිරුරු මේ වනවිට භාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here