> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අමෙරිකාවේ බෞද්ධ හිමිවරුන්ගේ දින 108 ක සාමයේ පා ගමන වොෂින්ටන් නුවරින් අවසන්
- URL: https://www.citizen.lk/the-108-day-peace-march-of-buddhist-monks-in-america-ends-in-washington/
- Published: 2026-02-11T12:38:42.000Z
- Updated: 2026-02-11T12:39:03.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

February 11 Citizen.lk News) - ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,000 ක දුෂ්කර පා ගමනක නිරත වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිස සිය සංචාරය සාර්ථකව නිමා කර තිබෙනවා.

එහි අරමුණ වූයේ ලෝකයේ සාමය, කරුණාව සහ එකමුතුකම ප්‍රචලිත කිරීම වන අතර මාස හතරක් පුරා පැවති මෙම පා ගමනේදී උන්වහන්සේලාට ඇතැම් අවස්ථාවල හිම මතින් පවා ගමන් කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

මෙම පා ගමන 2025 ඔක්තෝබර් 26 වන දින ෆෝර්ට්වර්ත් හි Huong Dao විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ අතර, ථේරවාදී බුදුදහම නියෝජනය කරන රටවල් කිහිපයක හිමිවරුන් 19 නමකගෙන් සමන්විත වූ මෙම කණ්ඩායමට ලොව පුරා කාගේත් අවධානය දිනා ගත් ‘ආලෝකා’ නම් වීදි සුනඛයෙක් ද එක්ව තිබුණා.

![](https://www.citizen.lk/content/images/2026/02/2026-02-10T183947Z_1388824826_RC26JJANQ8DJ_RTRMADP_3_USA-MONKS-PEACE-WALK-1024x683.jpg)

![](https://www.citizen.lk/content/images/2026/02/download.png)

![](https://www.citizen.lk/content/images/2026/02/260210-walk-for-peace-vsb1843-f39411.webp)

![](https://www.citizen.lk/content/images/2026/02/1768500546330.webp)

![](https://www.citizen.lk/content/images/2026/02/20251026WalkforPeace1-scaled.webp)

![](https://www.citizen.lk/content/images/2026/02/RSQW2DLYA3H5DL3OU5QCGVY6AI.jpg)