> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# තාවි සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානයට
- URL: https://www.citizen.lk/thawi-samaraweera-reaches-number-one-in-world-rankings/
- Published: 2025-12-31T09:29:44.000Z
- Updated: 2025-12-31T09:29:44.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම, දෙස්

අවුරුදු 11න් පහළ පිරිමි මේස පන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ තාවි සමරවීර සමත්වී තිබෙනවා.

ඉතාලියේදී පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියෙන් තාවි සමරවීර අවුරුදු 11න් පහළ මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

එය ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම දක්ෂතාවද වනවා.