කොළඹ කොටුවේ නොසන්සුන්තාවයක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ නොසන්සුන්තාවක් හටගත්තා. ඒ, පස්වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් ප්‍රමාදවීම හේතුවෙන්. කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් විශාල පිරිසක් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව තිබෙනවා.

එහිදී මගීන් පිරිසක් දුම්රිය සේවකයන් වෙත විරෝධය පළ කිරීමත් සමග එහි නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාව සදහා පොලිස් නිලධාරීන්ද කැදවා තිබෙනවා.

මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරනු ලබන දුම්රිය රැසක් අද සවස් කාලය වන තෙක් නියමිත පරිදි ධාවනය නොවුණු බව එහි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

අද (20) උදෑසන මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය රියදුරෙකුට මගින් විසින් සිදුකළ පහර දීම හේතුවෙන් තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන තුරු ඇතැම් දුම්රිය සේවකයින් යලි සේවයට එක්වීමට මැලිකමක් දක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මේ අතර දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වනවා.

කෙසේ වෙතත් මේ වන විට නගරාන්තර දුම්රිය තුනක් සවස් කාලයේදී ධාවනය වීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න