> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# තෙල්දෙණිය භෞතික චිකිත්සකවරිය මිය යාමේ සිදුවීමේ සැකකරුවන් යාපනයේදී අත්අඩංගුවට
- URL: https://www.citizen.lk/teldenniy-bhautik-cikitskvriy-miy-yaamee-siduviimee-saekkruvn-yaapnyeedii-ataddnguvtt/
- Published: 2026-06-24T11:26:42.000Z
- Updated: 2026-06-24T11:27:32.000Z
- Author: Deepali Jayasundara

June 24 (Citizen News) - තෙල්දෙණිය ප්‍රදේශයේ වාහනයක් තුළ භෞතික චිකිත්සකවරියකගේ මළ සිරුරක් සොයාගත් සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 මෙලෙස අත්ඩංඅඩංගුවට ගනු ලැබුවේ, මිය ගිය කාන්තාවගේ පෙම්වතා හා ඔහුගේ බිරිඳයි. වැල්ලවත්තේ සිට යාපනය බලා බසයෙන් ගමන් කරමින් සිටි ඔවුන්ව, ලද තොරතුරක් මත යාපනය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.