අද (26) සහ හෙට (27) ගුරු වර්ජනයට හේතු පහදයි

ගුරු සහ විදුහල්පති සංගම් 30ක් අද (26) සහ හෙට (27) යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒකාබද්ධ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ, වසර විසි දෙකක් පුරා නොවිසදුනු වැටුප් විෂමතා ගැටළුව ඇතුළු ඉල්ලීම් 06ක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එළඹුනු බවයි.

ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක‍්‍රම වීරසිංහද ගුරු විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අදහස් පල කරමින් සඳහන් කළේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේදී ගුරු සේවය පසුවට සලකා බලන්නැයි යනුවෙන් ප්‍රකාශ කර ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි නොකළ බවයි. එය මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවද සඳහන් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න