> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන්ට වසර 15 ක් දක්වා බදු සහන
- URL: https://www.citizen.lk/tax-breaks-for-up-to-15-years-for-foreign-investors-coming-to-sri-lanka/
- Published: 2026-01-26T10:42:15.000Z
- Updated: 2026-01-26T10:42:33.000Z
- Author: Deepali Jayasundara
- Tags: ව්‍යාපාරික

January 26 (Citizen.lk News) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වසර 15 ක් දක්වා දීර්ඝ බදු සහන ලබා දීමට සහ කොළඹ වරාය නගරය කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව Gulf පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව නව ආයෝජන ප්‍රවර්ධන පනත යටතේ ඇතැම් ආයෝජන සඳහා වසර 15 ක් දක්වා බදු සහන ලබාදීමට රජය සූදානම් බවත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් චීනය, ඇමෙරිකාව, ඉන්දියාව සහ මැද පෙරදිග ඇතුළු ඕනෑම රටක් සමඟ නිදහසේ ගනුදෙනු කිරීමට ආයෝජකයන්ට අවස්ථාව පවතින බව ඩුබායි හි පැවැති "Invest Sri Lanka" ආයෝජක සමුළුවට සමගාමීව Gulf පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කර තිබෙනවා.