> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# T20 ලෝක කුසලානය රටවටා සංචාරය හෙටින්
- URL: https://www.citizen.lk/t20-world-cup-tour-begins-tomorrow/
- Published: 2026-01-20T09:03:04.000Z
- Updated: 2026-01-20T09:03:58.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම

January 20 (Citizen.lk News) - ICC T20 ලෝක කුසලානයේදී පිරිනමන කුසලානය මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමේ සංචාරය ජනවාරි 21 සිට 24 දක්වා සිදුකිරීමට නියමිතව වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම සංචාරය නිල වශයෙන් දියත් කිරීමට නියමිත වනවා.

මෙරටදී ලෝක කුසලානය රට පුරා ප්‍රධාන ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ අනුව 2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියට පෙර රසිකයින්ට මෙම සුවිශේෂී කුසලානය නැරඹීමට අවස්ථාව හිමි වනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගය අවස්ථාවේ එම කුසලානය ප්‍රදර්ශනය කිරීමට තීරණය කර ඇති අතර ICC T20 ලෝක කුසලානය රට වටා කරන ජාතික සංචාරයේ දී මහනුවර, දඹුල්ල සහ යාපනය ඇතුළු ප්‍රධාන නගර වෙත ද ගමන් කිරීමට නියමිතයි.