> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# බදුල්ල දිසාපති ලෙස සුනිල් ගලගම මහතා වැඩ භාර ගනී
- URL: https://www.citizen.lk/sunil-galagama-assumes-duties-as-badulla-government-agent/
- Published: 2026-03-10T08:24:00.000Z
- Updated: 2026-03-13T08:24:57.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

March 10 (Citizen.lk News) - ශ්‍රී ලංකා පරිපාලන ස්වයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන සුනිල් ගලගම, සර්ව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස අද (10) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩ ආරම්භ කරනු ලැබීය.

2000 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ සුනිල් ගලගම මහතා, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස රාජකාරිය ආරම්භ කොට තිබේනවා.

අනතුරුව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සහකාර ලේකම්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, අබුඩාබි තානාපති කාර්යාලෙයේ නියෝජ්‍ය තානාපති, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශක, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, කොළඹ මහ නගර සභාවේ නාගරික ලේකම්, දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික කොමසාරිස්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, පොහොර රාජ්‍ය අමාත්‍යායේ අතිරේක ලේකම් (පාලන), ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ආදී තනතුරු රාශියක් හොබවා තිබේනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස වැඩ බාර ගැනීමට පෙර ඒ මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ලෙස රාජකාරී ඉටු කරන ලදි.