මරාගෙන මැරෙන බෝම්බකරුවන් අවසන් වරට පුහුණු වූ කඳවුර නුවරඑළියෙන් සොයාගැනේ. – PHOTOS

0
626

තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් සොයාගත් බව පොලීසිය පවසනවා.

අම්පාර කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි තිබෙනවා.

මෙම පුහුණු කදවුර තුළ 38 දෙනෙකු පුහුණුව ලබා ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සහරාන් හසීම් මෙම කඳවුරේ සිට ඇති බවත් දිවයිනේ ස්ථාන කිහිපයකම කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදු කළ ඇති බවටද තොරතුරු අනාවරණය වෙනවා.

මෙම නිවස නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසක්. එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුද හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනවා.