සකර්බර්ග් 7 වන විවාහ සංවත්සරය සමරයි. (PHOTOS)

ෆේස් බුක්හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් මේ වන විට ලොව පුරා ජනප්‍රිය චරිතයක් වෙලා.

ඔහු 2012 වසරේ අද වැනි දිනක(20) තමයි විවාහ දිවියට පිවිසුණේ. ඒ වෛද්‍යවරියක් වන චීන සම්භවයක් ඇති “ප්‍රිසිලා චෑන්” සමඟයි. වසර 9කට පෙර හාවඩ් සරසවියේදී ඇතිවූ ප්‍රේම සම්බන්ධය මෙසේ විවාහයක් දක්වා පරිවර්ථනය වුණා.

ඔවුන්ගේ විවාහ උත්සවය සිය දෙනෙක් වූ අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ ඉතා සරල ලෙස පැවැත්වුණා. මීට වසර 7කට කලින් විවාහා වූ මාර්ක් දැන් දෙදරු පියෙක්.

අද ඔවුන් දෙපල ඔවුන්ගේ 7 වන විවාහ සංවත්සරය සමරනවා