ස්ටීවන් ස්මිත් තුන්වන ටෙස්ට් තරඟයෙන් ඉවතට.

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත අළුබඳුන තරඟාවලියේ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් ඉවත් කර තිබෙනවා.

ඊට හේතුව දෙවන ටෙස්ට් තරඟයේදී ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ පන්දුවක් වැඳීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක්වීමයි.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේදී ජොෆ්රා ආචර් යැවූ පන්දුවක් ස්ටීවන් ස්මිත්ගේ ගෙල ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක් වූ නිසා තාවකලිකව පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියානු පුහුණුකරු සහ වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කෙරුණේ එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේදී ස්ටීවන් ස්මිත් ඉවත් කර ඔහුට විවේක ගැනීමට කටයුතු සැලස්විමටයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න