> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඔඩපණ ක්‍රියාත්මක කිරීමට පියවර
- URL: https://www.citizen.lk/steps-to-implement-the-odapana/
- Published: 2026-01-01T08:19:36.000Z
- Updated: 2026-01-01T08:19:36.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

2025/26 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු අතර මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වශයෙන් උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 25 කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වනවා.

මෙම ක්‍රමය යටතේ, ඔවුන්ට 7% ක වාර්ෂික පොළී අනුපාතයකට රුපියල් මිලියන 50 ක් දක්වා ණය මුදලක් ලබා ගත හැකි අතර, අදාළ ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතු වනවා.

මෙහිදී බැංකු හරහා 2025/26 මහ කන්නය සඳහා නිදහස් කිරීමට අපේක්ෂා කරන මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 10,000 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වනවා.