ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයේ නවතම ගනුදෙනුකරු

සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එයා සීෂෙල්ස් දකුණු ආසියාවේ ගුවන් යානා ඉංජිනේරු සේවා සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම නව පාරිභෝගිකයෙකු ලෙස එක් වී සිටිති .

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය ගුවන් යානා නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා ලබා ගැනීම සදහා එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් ඒ.- 320 සහ ඒ.- 321 ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ අංගනය වෙත පැමිණ තිබූ අතර , එහිදී එම ගුවන් යානා වල ” ඒ පරීක්ෂාව ” ( A Check ) සාර්ථකව සිදු කර නිම කර තිබේ .මීට අමතරව කටුනායක සහ මාලේ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සදහා මූලික නඩත්තු ඉංජිනේරු කටයුතු සිදු කිරීම සහ ගුවන් යානා සහතික කිරීමේ සේවාවද ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය මගින් සිදු කරනු ලබයි.ඒ සදහා ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් ගුවන් යානා වලට අමතරව,ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං ගුවන් යානා වන බී.- 777 , බී.- 737 එන්.ජී සහ බී.- 787 සදහා ද මෙම නඩත්තු සේවා සහතික නිකුත් කිරීම සිදු කරයි .

කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාංගනය තුළ ඕනෑම කාළගුණික තත්වයක් යටතේ එකවර ගුවන් යානා කීපයක් සදහාම මෙම පරීක්ෂා කිරීම් ,නඩත්තු සහ පිරිපහදු සේවා මෙන්ම සහතික නිකුත් කිරීමට ද අවශ්‍ය පහසුකම් සකස් කර තිබේ .

සිංගප්පූරුව , චීනය , ඉන්දියාව, කටාර් , එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යයන්ගේ ජාතික ගුවන් සේවා , මෙම කටයුතු සදහා දැනටමත් ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයේ
කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාංගනය වෙත පැමිණෙමින් සිටින ගුවන් සේවා අතරට පත් වී තිබේ .

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න