> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉරාන ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තුවාල
- URL: https://www.citizen.lk/sri-lankans-living-in-the-uae-injured-in-iranian-attacks/
- Published: 2026-03-02T04:36:33.000Z
- Updated: 2026-03-02T04:36:33.000Z
- Author: Citizen News
- Tags: විදෙස්

ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදු කරන ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු  
පුද්ගලයන් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.

එම අමාත්‍යංශය නිකුත් කළ x පණිවිඩයේ දැක්වුණේ මෙම ප්‍රහාර නිසා පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරවල සුන්බුන් පතිත වීම නිසා සිවිල් දේපළවලට යම් හානි සිදුව ඇති බවත්, තත්ත්වය පාලනය කිරීමට එරට ගුවන් ආරක්ෂක පද්ධති උපරිම ලෙස ක්‍රියාත්මක වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සඳහන්.

ප්‍රහාරයේ දත්ත සාරාංශය:

- බලිස්ටික් මිසයිල: 165ක් හඳුනාගෙන ඇති අතර ඉන් 152ක් ගුවනේදීම විනාශ කර ඇත. (13ක් මුහුදට වැටී ඇත)
- ඩ්‍රෝන යානා: 541ක් එල්ල කර ඇති අතර 506ක් සාර්ථකව මර්දනය කර ඇත.
- ක්‍රෲස් මිසයිල: 02ක් හඳුනාගෙන විනාශ කර ඇත.