පළමු පුහුණු තරඟයෙන් ලංකාවට ජය අහිමි වෙයි.

0
185

ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරඟයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

කාඩිෆ් පිටියේ ඊයේ (24දා) නිමාවූ තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 7 ට ලකුණු 338ක් රැස් කළා.

හෂීම් අම්ලා (65), නායක ඩුප්ලෙසි (88), වැන් ඩර් ඩුසෙන් (40) පිත්තෙන් දක්ෂතා දැක්වූ අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු යැවිමෙන් සුරංග ලක්මාල් හා ණුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 339ක දැවැන්ත ඉල්ලකයක් හඹාගිය ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 42.3කදි සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 251ක් පමණි.

නායක දිමුත් කරුණාරත්න (87), ඇන්ජලෝ මැතිව්ස් (64) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පෙහෙලුක්වායෝ කඩුලු 4ක් දවාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here