ශ්‍රී ලංකාව ,දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ප්‍රථම රන් පදක්කම දිනා ගනී

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ පිරිමි ඒකළ ටයිකොන්ඩෝ තරඟ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුක ප්‍රභාත්, රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දිනූ පළමු පදක්කම ද මෙයයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හේෂානි හෙට්ටිආරච්චි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා කරාතේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස පළමුවැනිදා(1) ආරම්භ විය. එය දෙසැම්බර් 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු – පෝකරා හිදී පැවැත්වේ. මීට පෙර 1984 දීත් පසුව 1999 දීත් නේපාලය විසින් සත්කාරකත්වය ලබා ඇති අතර මෙම උත්සවය පැවැත්වූ තුන්වන අවස්ථාව මෙය වේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න