මාලිංගගේ වාර්තාගත පන්දු යැවීමෙන් නවසීලන්තයට පරාජය

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අවසන් විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම ලකුණු 37 කින් පරාජය කරමින්

ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා.

දනුෂ්ක ගුණතිලක ලකුණු 30, නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 යි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග පිට පිට කඩුලු 4ක් ඇතුළුව කඩුලු 5ක් දවාගනු ලැබුවා.

එය නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් 20 /20 තරඟයකදී කඩුලු 100ක් ලබාගත් පළමු ක්‍රීඩකයා පළමු පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත්වෙනවා.

T 20 තරඟයකදී පිට පිට පන්දු 04 කදී කඩුළු 04 ක් දවාගත් දෙවන ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග වාර්තා අතරට එක් වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන්නට රෂිඩ් ඛාන් සමත් වී තිබුණා.

2007 අවසන් ලෝක කුසලාන තරඟයෙන් පසු ලසිත් මාලිංග පිට පිට පන්දු 04 කදී කඩුළු 04 ක් දවාගත් දෙවන අවස්ථාව මෙය වන අතර 20 /20 තරඟයකදී ඔහු විසින් කඩුළු 05 ක් ලබාගත් දෙවන අවස්ථාවද මෙය වනවා.