2019 වසරේත් ලෝකයෙන් පළමු තැන ලංකාවට හිමි වෙයි.

0
43

2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට වඩාත් චිත්තාකර්ෂණීය දිවයින ශ්‍රී ලංකාව ලෙස ඇමෙරිකාවේ සංචාරක සහ විනෝදාස්වාද සඟරාවක් වන ‘ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්’ සඟරාව විසින් නම් කර තිබෙනවා.

ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රටක් වීම, වන ජීවීන්, ජලජ ජීවීන් සහ ආකර්ෂණීය වෙරළ තීරය, ජාතික උද්‍යාන, තේ වගාවන් සහ සුපිරි හෝටල් පහසුකම් හේතුවෙනුයි ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ.

‘ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්’ සඟරාව ප්‍රථම වරට පාඨකයන්ගේ ඡන්දයෙන් සකස් කරන ලද ආකර්ෂණීයම දූපත් ලැයිස්තුවේ මුල් තැන ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ග්‍රීක දිවයින් සමූහය, මාල දිවයින, ෆිජී දූපත්, හවායි දූපත් සහ පිලිපීන දිවයින් අභිබවා ශ්‍රී ලංකාව ආකර්ෂණීයම දිවයින බවට පත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ඒ අනුව ලෝකයේ සංචාරය කළ හැකි හොඳම දූපත් රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා.

එම සඟරාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වෙමින් ඇති බවයි.

මීට පෙරද ප්‍රකට සංචාරක සඟරාවක් වන ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව විසින් ශ්‍රී ලංකාව මේ වසරේ අංක 01 ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ලංකාව තහවුරු කර තිබීම සුවිශේෂීත්වයක්.

The 15 Best Islands in the World

Sri Lanka
Palawan, Philippines
Bali, Indonesia
Milos, Greece
Maldives
Anguilla
Crete, Greece
Cape Breton Island, Nova Scotia, Canada
Koh Lanta, Thailand
Azores, Portugal
Páros, Greece
Fiji Islands
Galápagos Islands, Ecuador
Santorini, Greece
Maui, Hawaii