ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට.(PHOTOS)

0
29

ආසියානු බේස්බෝල් කුසලානයේ දෙවන් දිනය අදයි. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරඟය අද දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව 13 – 0ක් ලෙස තරඟය ජය ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මේ දින වල දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයට ගියොත් ඔබටත් එය දැකබලා ගැනීමේ හැකියාව ද පවතිනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි. කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය මෙම තරඟාවලිය සඳහා සහභාගී වන මෙවර බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය සඳහා නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Citizen.lk අපයි.

ඒ අනුව තත්පරයෙන් තත්පරය තරඟයේ උණුසුම citizen.lk වෙබ් අඩවිය හරහා මෙන්ම citizen.lk ෆේස්බුක් පිටුව හරහාද ඔබට සමීප කරන්න අප සුදානම්. එමෙන්ම ජූලි 20 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියේ උණුසුම සජීවීව අත්විඳින්න දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසද අප ඔබට ආරාධනා කරනවා.