ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ ඉදිරියටම.

නවසීලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 06 ක ජයක් හිමිකරගෙන ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 60ක් හිමිකර ගනිමින්.

ටෙස්ට් ක්‍රිකට් ‍ලෝක ශුරතාවලිය යටතේ ශ්‍රි ලංකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය එක් තරඟය බැඟින් ක්‍රීඩා කර තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රෙලියාව සහ එංගලන්තය අතර පැවති පළමු තරඟය ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 24ක් ලබා ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙනවා.