නවසිලන්ත තරගයේදී අනතුරට ලක් වූ කුසල්ගේ අස්ථි බිඳීමක් , ෂෙහාන්ට මීළඟ තරඟය මඟහැරේ ද ?

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන 20-20 තරඟයෙදී අවාසනාවන්ත අනතුරකට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් සති 6ක් විවේක ගන්වා තිබෙනවා.

ඒ ඔහුගේ වළලුකර ප්‍රදේශයේ අස්ථි බිඳීමක් වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ කුසල්ට බොහෝ විට පකිස්ථාන සංචාරය අහිමි වනු ඇති බවයි.

ෂෙහාන් ජයසූරිය බොහෝවිට මිළග 20යි 20 තරඟය පමණක් අහිමි කරගනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළා.

මේ අතර නවසීලන්ත 20යි 20 තරඟ පරාජය ගැන කරුණු පැහැදිලි කරමින් පැවති මාධ්‍ය හමුවේ දී දික්වැල්ල ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ගෙන තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, තරඟ පරාජයට ලකුණු 20ක පමණ අඩුවක් සහ පන්දු රකින්නන්ගේ අඩුපාඩු හේතු වූ බවයි.

පොදුවේ කණ්ඩායම එහි වගකීම බාරගත යුතු බවද ඔහු පැවසීය.

එමෙන්ම අමාරු අවස්ථාවක වුවත් බලාපොරොත්තු සහගතව සහ කණ්ඩායම උනන්දු කරමින් ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයන්ට බෙහෙවින් ස්තුති වන්ත වන බව ඔහු සඳහන් කළේ ය.