ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් දිමුගේ සහ කුසල්ගේ වෙහෙස අපතේ යවයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයෙන් ලකුණු 87ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 334ක් රැස් කළා.

පන්දු යැවිමේදී ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 45යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 247ක් පමණයි.

ඊයේ තරඟයේදී නායක දිමුත් කරුණාරත්න ඉතා අගනා ඉනිමක් ක්‍රීඩා කළ අතර පන්දු 108කින් ඔහු ලකුණු 97ක් රැස් කළා.

ඒ හතරේ පහර 9ක් සමගින්. කුසල් පෙරේරා පන්දු 36කින් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 52ක් ලබාගත්තා.

කුසල් මෙන්ඩිස් 30යි. ලහිරු තිරිමාන්න ලකුණු 16යි. ධනංජය ද සිල්වා නොැදැවී ලකුණු 16ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 9යි.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යාමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

ලෝක කුසලානතරඟවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරඟය ලබන සිකුරාදා එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න