ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට සවස 7 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී සමස්ත සම්මාන 45ක් පිරිනැමීමට නියමිතයි. එහි දී ජාත්‍යන්තර තරඟ පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩික ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මාන ලබද්දී ජාත්‍යන්තර තරඟ අංශ යටතේ සම්මාන දාහතක් (පිරිමි /කාන්තා) සම්මාන ලැබීමට නියමිතයි. මීට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක් ද ඇතුළුව කණ්ඩායම් සම්මාන දහයක් ද හෙට දිනයේ දී පිරිනැමෙනවා .

මෙම සම්මාන ප්‍රදානයේ දී ද පෙර වසර වල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරඟ තීරකවරයාට ද සම්මාන පිරිනැමීමට නියමිතව තිබෙනවා.

මීට අමතර ව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ඇගයීම් සම්මාන ද්විත්වයක් ද පිරි නැමීමට මෙවර සම්මාන ප්‍රදානයේ දී කටයුතු යොදා තිබෙනවා.



තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න