> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තීරණාත්මක සටන අද පල්ලේකැලේදී
- URL: https://www.citizen.lk/sri-lanka-australia-to-face-each-other-in-the-crucial-clash-to-reach-the-world-cup-super-8-in-pallekele-today/
- Published: 2026-02-16T07:53:59.000Z
- Updated: 2026-02-16T07:53:59.000Z
- Author: Dhanu Kulathunga
- Tags: කෙළිබිම

February 16 (Citizen.lk News) - විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගැටුම අද (16) රාත්‍රී 07.00 ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙපිලටම තීරණාත්මක වන මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවහොත්, ඔවුන් 'බී' කාණ්ඩය යටතේ සුපිරි අට දෙනාගේ (Super 8) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වනු ඇත.

අනෙක් පසින්, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වේ. මේ හේතුවෙන් අද රාත්‍රී දෙපිල අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අනාවැකි පළ කරති.

මහනුවර ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය අනුව තරගයට බාධාවක් නොවනු ඇතැයි අපේක්ෂා කරන අතර, ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විටත් අලෙවි වී අවසන් බවයි වාර්තා වන්නේ.