ලංකාව සහ ස්කොට්ලන්තය නව ව්‍යාපෘතියකට අත්සන් තබයි.

මන්නාරම, කාවරී ද්‍රෝණිවල මෙරට ප්‍රථම වතාවට ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඇති ගිවිසුමකට අත්සන් තැබීම (15) අද සිදු කරනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ස්කොට්ලන්තයේ බෙල්ජියෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලේන් විසින් ඒ සඳහා අත්සන් තැබීමට නියමිතයි.

එහිදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ රැස්කර ගන්නා දත්ත අනුව තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ආයෝජක අවස්ථා සැළසෙන බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න