ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අවසන් මහා තරඟයට.(PHOTOS)

0
15

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟාවලි 2ක් අද දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම – ඉරාන කණ්ඩායම සහ පකිස්ථාන් කණ්ඩායම – ඉන්දීය කණ්ඩායම අතරයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 10 – 2 ලෙස තරඟය ජය ගත් අතර පකිස්ථාන් කණ්ඩායම 13 -2 ලෙස තරඟය ජයග්‍රගණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරඟාවලිය මෙයයි. කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය සහ ඉරානය මෙම තරඟාවලිය සඳහා සහභාගී වන මෙවර බටහිර ආසියානු බේස්බෝල් ශුරතාවය සඳහා නිල ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Citizen.lk අපයි.

ඒ අනුව තත්පරයෙන් තත්පරය තරඟයේ උණුසුම citizen.lk වෙබ් අඩවිය හරහා මෙන්ම citizen.lk ෆේස්බුක් පිටුව හරහාද ඔබට සමීප කරන්න අප සුදානම්. එමෙන්ම ජූලි 20 වනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියේ උණුසුම සජීවීව අත්විඳින්න දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසද අප ඔබට ආරාධනා කරනවා.