> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සර්බියාවේ ජනාධිපති ඉල්ලා අස්වීමේ තීරණයක
- URL: https://www.citizen.lk/srbiyaavee-jnaadhipti-illaa-asviimee-tiirnnyk/
- Published: 2026-06-28T13:34:25.000Z
- Updated: 2026-06-28T13:34:25.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

June 28 (Citizen News) - සති කිහිපය තුළ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචික් පවසා තිබෙනවා.

එලෙසම රට තුළ කඩිනම් ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාවකින් අනතුරුවයි.

මෙම තීරණයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ, 2024 නොවැම්බර් මාසයේදී නොවි සාඩ් (Novi Sad) නගරයේ දුම්රිය ස්ථානයක වහලක් කඩා වැටී පුද්ගලයන් 16 දෙනෙකු මියයෑමේ සිද්ධියයි. 

එම අනතුර රජයේ දූෂණය සහ වැරදි කළමනාකරණය නිසා සිදුවූවක් බව පවසමින් සිසුන් ඇතුළු විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම විරෝධතාවල නිරත විය.

ඔහුගේ දෙවන සහ අවසන් ජනාධිපති ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2027 වසරේ මැද භාගයේදීය.

ඔහු සිය 'සර්බියානු ප්‍රගතිශීලී පක්ෂයට'ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට උදව් කරන බවත්, ඔවුන්ගේ මැතිවරණ ලැයිස්තුව "එක්සත් සර්බියාව" (United Serbia) ලෙස නම් කිරීමට යෝජනා කරන බවත් සඳහන් කර තිබෙනවා.