කෝට්ටේ නගරාධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව දී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බව එහි වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා කියා සිටියා.

ඔහු මෙලෙස කියා සිටියේ ඊයේ (19) ජනාධිපති කොමිසමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමිනි.

ඒ අනුව අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩම සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ බෙදුම් නඩුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

එම නඩුව හේතුවෙන් ගොඩනැගිල්ල ඉදිකිරීමට හිටපු නගරාධිපතිවරයා දී ඇති අනුමැතිය නීත්‍යානුකූල නොවන බවද නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න