ගෝඨාභය වෙනුවෙන් අදත් විශේෂ ආගමික වැඩසටහනක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද(13) අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වීමට නියමිතයි.

ඊයේ(12) රුවන්වැලි මහා සෑය අභියස පැවැති ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමෙන් පසු එහි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ ගමන් මග නිවැරදිව යනතෙක් මහා සංඝරත්නයේ ආශිර්වාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වන බවයි.

අද මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගැනීමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න