> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ගොවි ජනතාවට විශේෂ දැනුම් දීමක්
- URL: https://www.citizen.lk/special-notice-to-farmers/
- Published: 2026-03-16T08:44:14.000Z
- Updated: 2026-03-16T08:52:07.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 16 (Citizen.lk News) - ගොවි ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ QR ක්‍රමවේදයෙන් තොරව, අක්කරයක අස්වනු නෙළීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15 ක් ලබාදීමට තීරණය කළ බවයි.

එසේම පෑහීමේ කටයුතු සඳහා ඉන්ධන ලීටර් 20 ක් ලබා දීමට ද තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.