> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ශ්‍රී ලංකා සහ මාලදිවයින් ජනාධිපතිවරුන් අතර අද විශේෂ හමුවක්
- URL: https://www.citizen.lk/special-meeting-between-the-presidents-of-sri-lanka-and-maldives-today/
- Published: 2026-05-04T03:50:55.000Z
- Updated: 2026-05-04T03:50:55.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

May 04 (Citizen News) - රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

මාලදිවයින් ජනාධිපතිවරයා ඊයේ (03) පස්වරුවේ දිවයිනට පැමිණි අතර මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

මෙම රාජ්‍ය සංචාරය හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට අනිද්දා (06) දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය දැනුම් දී ඇත.