ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන්නැයි මැතිවරණ කොමිසම කියයි

ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණ සමයන් තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සමඟ සිදුවූ හමුවක දී මෙම දැනුම් දීම සිදු කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමයට අනුව මැතිවරණ ඉලක්ක කරගෙන ෆේස්බුක් සහා ට්විටර් ගිණුම් දහස් ගනින් නිර්මාණය කර තිබේ.

එමෙන්ම පුද්ගල චරිත අළලා මඩ ප්‍රචාර ද ශීඝ්‍ර ලෙස ඉහල යමින් ඇති බවද ඔවුන් පැවසීය.