පැන වූ සමාජජාල තහනම ඉවත් කිරීම ගැන තවමත් තීරණයක් නෑ.

0
94

ෆේස්බුක්, වට්ස්ඇප් සහ වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම තවදුරටත් අවහිර කර පවතිනවා. යළිත් වරක් මෙම අවහිරතාව සිදු කළේ අද (13) උදෑසන සිටයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එහිදී පැවසුවේ කෙටි කාලයක් සඳහා තාවකාලිකව මෙම අවහිර කිරීම සිදු කළ බවයි. එහෙත්, පනවා ඇති මෙම වාරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ නාලක කලූවැව ප‍්‍රකාශ කළා.

රටේ තත්ත්වය සලකා එම තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ. රටේ සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙලෙස සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කළ බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

හලාවත නගරයේ ඊයේ (12) ඇතිවූ නොසන්සුන් තත්ත්වයට හේතුවූයේ ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක්. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කිරීමට කටයුතු කෙරුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here