නාවලපිටිය ලංගම සේවකයන් තාවකාලිකව ධාවන කටයුතු වලින් ඉවතට.

0
319

රියදුරෙකුට උල් ආයුධයකින් ඇණ තුවාල කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවකයෝ අද (11) ධාවනය කටයුතු වලින් තාවකාලිකව ඉවත් වි තිබෙනවා.

මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරන් අතර නාවලපිටිය බස් නැවතුම්පොල භුමියේදි අද උදැසන 7.30 ට පමණ රියදුරන් දෙදෙනා අතර ඇති වු බහින් බසින් විමක් දුර දිග යාමෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථයේ රියදුරාට බස් රථයේදිම උල් ආයුධයකින් ඇණ තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකින් තුවාල ලැබු ලංගම බස් රථ රියදුරා නාවලපිටිය මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව සඳහන්.

සැකකාර පෞද්ගලික බස් රථයේ රියදුරා බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අතරතුර ගිනිගත්හේන පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන නාවලපිටිය පොලිසිය වෙත භාර දී ඇති බව වාර්තා වෙනවා.

මෙම සිද්ධියට විරෝධයා පා නාවලපිටිය ඩිපෝවේ සේවකයන් ධාවන කටයුතු වලින් ඉවත් වි තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන බවට ඩිපෝවේ පාලන අධිකාරිය සහතිකයක් ලබාදෙන තෙක් තමන් ධාවනය කටයුතු වලින් ඉවත් වන බව ඩිපෝවේ සේවකයන් පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩි දුරටත් පරික්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here