සුළං තත්ත්වය අඩුවන ලකුණු .

දිවයින හා දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තරමක අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට උදෑසන දක්වා පැවතිය හැකි බවයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ , ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 70 දක්වා වැඩි විය හැකි බව එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.5 ත් 3.5 කින් ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ද පවතිනු ඇති බවද ඔවුන් සඳහන් කළා.

මේ අතර බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ, සහ උතුරුමැද පළාත්වලත් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමිටර් 50 – 60 පමණ දක්වා තද සුළං පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

කාලගුණ අනාවැකියට අනුව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මිලිමිටර් 50 ක් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, නායයාම් ලක්ෂණ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න