> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මතුගම වෙඩි තැබීමක්
- URL: https://www.citizen.lk/shooting-in-matugama/
- Published: 2026-03-05T06:32:06.000Z
- Updated: 2026-03-05T06:32:06.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

March 05 (Citizen.lk News) - මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පළාගොස් ඇත.

කෙසේවෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.