රූමස්සලට ගොඩ ගැසූ නෞකාවේ තෙල් ඉවත් කිරීම නවතී.

0
85

රූමස්සල කන්දේ ගල් පරයක හැපී අනතුරට ලක්වූ නෞකාවේ තෙල් ඉවත් කිරිමේ කටයුතු පොම්පවල සිදුවු දෝෂයක් හේතුවෙන් අද (21) තාවකාලිකව නතර කිරීමට සිදුවු බව නැව් සමාගමේ නියෝජිතයෙක් පැවසුවා.

ඉන්දියානු සමාගමකට අයත් ශ්‍රී ලංකා ග්ලෝරි නමැති මෙම නෞකාව ගාල්ල සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙනන ලද එකක් වන අතර එය ආපසු ඉන්දියාවට යාම සඳහා පිටත වරායේ නවතා තිබියදී සුළඟට ගසාගෙන ගොස් තිබුණා.

නැව මෙසේ හිරවීමත් සමඟ සමුද්‍රිය පරිසර දුෂණ වැළැක්වීමේ අධිකාරිය පැවසුවේ නැවේ තෙල් විසිරීමක් සිදු වුවහොත් රූමස්සල කොරල් පද්ධතියට මෙන්ම විශාල පරිසර දූෂණයක් සිදුවීමට ඉඩ ඇති නිසා තෙල් ඉවත් කළ යුතු බවයි.

එම සමාගමේ නියෝජිතයා වැඩිදුරටත් කියා සිටියේ නැව රක්ෂණය කර ඇති සමාගමේ උපදෙස් පරිදි නැව් බේරා ගැනීම පිළිබඳ විශේෂඥ සමාගමක කණ්ඩායමක් අද පැමිණිමට නියමිතව තිබූ බවයි.

නැව ඇද ගැනීමට පුළුවන් ද එසේ නොහැකි නම් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව එම විශේෂඥවරුන් පැවසීමෙන් පසු ඒ අනුව කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියා.