විමල්ට එරෙහිව ශාන්ත කුමාර නීතියේ ඉදිරියට.

0
294

අසත්‍ය ප්‍රකාශයන් මාධ්‍ය ඔස්සේ සිසු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව තමන් නීතිය හමුවට යන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා පවසනවා.

ඊයේ (15) වැනිදා පෙරවරුවේ හලාවතදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා.

“පසුගිය සමයේ හලාවත ආසනය තුළ විවිධ දෑ සිද්ධ වුණා.ඒ සියල්ල සිදුවී ඇත්තේ දුරකතන සංවාදයක් නිසා බව මේ වනවිට හෙලිවී තිබෙනවා.එහිදී හලාවත නගරයේ කිසියම් සිදුවීමක් සිද්ධ වුණා. මේ බව දැන ගත් මම කළේ වගකිව යුතු අංශ වලට කථා කරලා අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

පාර්ලිම්න්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටිනවා හලාවත සිද්ධියේදී මමත් එතන හිටියා කියලා. මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මම හලාවත සිද්ධිය වූ ස්ථානය ගියේ නැහැ කියලා. මම සිදු කළේ ලොකු සිද්ධියක් වන එක වළක්වා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කිරීම පමණයි.

මට පාර්ලිමේන්තුවට යන්න මුස්ලිම් ජාතීන්ද ඡන්දය දුන් බව අමතක කරන්න බැහැ. ඒ නිසා මම අභියෝග කරන්න කැමතියි හලාවත සිද්ධිය වූ පසුගිය ඉරිදා මම එතන හිටියා කියලා ඔප්පු කරන්න කියලා.එහෙම ඔප්පු කළොත් මම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here