ශාන්ත බණ්ඩාරගේ පුරප්පාඩුව යළිත් ශාන්ත බණ්ඩාරම පුරවයි

ශාන්ත බණ්ඩාර යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

මීට පෙර ශාන්ත බණ්ඩාර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඒ , කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවප්‍රාප්ත වීමෙන් පසු ඔහුගේ හිස්තැන පුරවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහායි.

කෙසේ වෙතත් ඒ අවස්ථාව ශාන්ත බණ්ඩාර හිමි නොවූ අතර එවන් පසුබිමක අද යළිත් පුරප්පාඩු වී තිබෙන එක්සත් ජනතා සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ශාන්ත බණ්ඩාර නම් කරමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න