> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අධික වර්ෂාව හේතුවෙන් තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට අද නිවාඩු
- URL: https://www.citizen.lk/several-grades-at-thelijjawila-royal-college-closed-today-due-to-heavy-rain/
- Published: 2026-05-13T05:05:29.000Z
- Updated: 2026-05-13T05:05:29.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

May 13 (Citizen News) - මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මතුවී ඇති නායයෑම් සහ පස්කඳු කඩාවැටීමේ අවධානම සැලකිල්ලට ගෙන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයක් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පතා 6, 7, 8, 9 සහ උසස් පෙළ පන්ති සඳහා පමණක් අද දිනයේ නිවාඩු ලබාදුන් බවයි.

10,11 සහ ප්‍රාථමික අංශයේ පන්ති සුපුරුදු පරිදි පැවැත්වෙන බවද විදුහල්පතිවරයා සඳහන් කර සිටියා.