කොළඹ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ මේ වන විටත් කොළඹ නගරයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ බොරැල්ල,තුම්මුල්ල,හෝටන් පෙදෙස,විජේරාම මාවත, බේස්ලයින් මාර්ගය, මයිකල් වටරවුම ආදී ස්ථාන කීපයක් ජලයෙන් යටවී ඇති බවටයි.

මේ හේතුවෙන් අදාල ප්‍රදේශවල අධික රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න