හත්වන ඉන්දු – ශ්‍රී ලංකා යුද අභ්‍යාසය ඇරඹෙයි

හත්වන ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඉන්දියාවේ පූනේ අවුන්ඩ් හමුදා කඳවුරේදී ආරම්භ විය.

මේ සඳහා දෙරටේ හමුදා භට පිරිස 120ක් බැගින් සඛ්‍යාත්මකව එක සමාන අයුරින් එක්කර තිබීම විශේෂත්වයක්.

ඊට අදාළ සමාරම්භක පෙළපාලිය ඉන්දු ශ්‍රී ලංකා හමුදා භට පිරිස්වල සහභාගිත්වයෙන් පැවැත්වුණා.

නාගරික හා ග්‍රාමීය පරිසරය තුළ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් පිළිබඳ හා දෙරට අතර නව යුධ උපක්‍රම හුවමාරු කරගැනීම මෙහිදී ප්‍රමුඛ වන අතර එලඹෙන 14වන දා දක්වා මෙම මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේදී පැවැත් වෙයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න