හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර යන අයව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරීන් විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හලාවත, මුන්නේෂ්වරම් හි පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000 ක මුදලක් ලබා ගැනීමේදී ඔහු මෙලෙස අල්ලස් හෝ දුෂණ කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති සහකාර පොලිස් අධිකාරීවරයාව හලාවත දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරයා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න